01072025Tue
Last update:Wed, 04 Jun 2025

නාච්චදූවෙන් හමු වූ කහ ආදා - photo

kh aadaaඅනුරාධපුර නාච්චාදූව වැවෙහි ධීවරයෙකු හට (එස් එම් ෆාරුක්ට) ඊයේ සවස රන්වන් කහ පැහැති ආ‍දෙකු හසු වී ඇත.

සාමාන්‍ය ආදන් ඇල්ලීමේ ක්‍රමයට කටුවකට හසුවී ඇතත් මෙම සත්වයා සම්පූර්ණයෙන්ම කටුව නොගිලීම නිසා මරණයට පත් වී නොමැත.

ආදන් සාමාන්‍යයෙන් බෝ වන්නේ (පැටව් දමනුයේ) ලවණ සහිත ජලයේය.

නමුත් ඔවුන් වර්ධනය වන්නේ මිරිදිය ජලයේය.

කලපු ආශ්‍රිතව බිත්තර දමන ආදන් ජල මාර්ග දිගේ හෝ ජල ගැලීම් ආදියට හසුව මිරිදියට පැමිණෙන අතර එසේ පැමිණීමේදී වන හානි නිසාවෙන් ආදන් දුලභ වී ඇත.

සාමාන්‍‍ෙයෙන් ආදා දුඹුරු පාටට හුරු අදුරු පැහැයක් ගන්නා අතර මෙම හමුවී ඇති ආදා අඩි දෙකහමාරක් පමණ දිග රන්වන් කහ පැහැති මාළුවෙකි.