19102025Sun
Last update:Fri, 10 Oct 2025

හිටපු LTTE සාමාජිකයින් 07ක් නිදහස්

ltte Apr16

වව්නියාව පුන්තෝට්ටම් පුනරුත්තාපන කඳවුරේදී පුනරුත්ථාපන කාලය අවසන් කළ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් 07 දෙනෙකු ඔවුන්ගේ දෙමාපියන් හා ඥාතීන්වෙත වෙතට භාර දීම සිදුවිය.

ඒ අනුව පුනරුත්තාපනය ලබමින් සිටි හිටපු එල්.ටී.ටීඊ. සාමාජිකයින් 46 දෙනෙකුගෙන් තවත් 39 දෙනෙකු තවදුරටත් පුනරුත්තාපනය ලබමින් සිටියි.

ඉන් 38 දෙනෙකු පිරිමි වන අතර එක් අයෙකු කාන්තාවකි.

මෙම කටයුතු වව්නියාව පූන්තෝට්ටම් පුනරුත්තාපන කඳවුරේ සම්බන්ධීකරණ නිලධාරී කර්නල් ඒ.ආර්.හැමිඩෝන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.