19102025Sun
Last update:Fri, 10 Oct 2025

ප්‍රදේශ රැසකට 75mm ට වැඩි වර්ෂාවක්

heavy rainsදිවයිනේ උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සෙසු ප්‍රදේශ වල සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවනු ඇති.

කාර්යේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පැවසුවේ, ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 75ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව ය.

පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටෙක පැයට කිලෝ මීටර් 50 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බව ද ඔහු සඳහන් කළේ ය.