30042025Wed
Last update:Wed, 23 Apr 2025

දේශපාලනඥයන් හා නිලධාරීන්ගේ දූෂණ වංචා සෙවීමේ විමර්ශන 45ක් ක්‍රියාත්මකයි

ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සභාපති කියයි

ඉහළ පෙළේ දේශපාලනඥයන් සහ නිලධාරීන්ගේ බරපතළ වංචා දුෂණ අක්‍රමිකතා මෙන්ම බලය අයුතු ලෙස අවභාවිත කිරීම් ඇතුළුව තවත් විමර්ශන 45ක කටයුතු ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව මඟින් ආරම්භ කර ඇතැයි එම කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා පැවැසීය.

 ජනාධිපති කොමිෂන් සභාව වෙත මහජනතාව වෙතින් මේ වන විටත් පැමිණිලි 400ක් ලැබී ඇතැයි සඳහන් කළ ලේකම්වරයා එයින් පැමිණිලි 116ක් අනිවාර්යෙන්ම විමර්ශනයට ලක්කරන ගණයෙහිලා පැමිණිලි බව ද සඳහනක් කළේය.

මේ අතර පසුගිය රජය සමයේ ප්‍රබල අමාත්‍යධුර දැරූ 2 දෙදෙනෙකු සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයන් අවසන් කර අවසන් වාර්තා සකස් කර ඇති අතර එයින් දැවැන්ත මූල්‍ය අක්‍රමිකතා 5 සම්බන්ධයෙන් වාර්තා නීතිපතිවරයා වෙත යොමු කර තිබේ. ඉතිරි විමර්ශන වාර්තා 16 ළඟදීම නීතිපතිවරයා වෙත යෙමු කිරීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ ඉහළ නිලධාරියෙකු සඳහන් කළේය.

මෙම දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් 21 දෙනාට එරෙහිව විමර්ශනයක් සිදු කර ඇත්තේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවය.