01072025Tue
Last update:Wed, 04 Jun 2025

සිංහ පැටව් 3ක් දෙහිවල දී උපත ලබති

n 26දෙහිවල ‍ජාතික සත්වෝද්‍යානයට සත්ත්ව හුවමාරු වැඩසටහන යටතේ ජර්මනි‍ෙයන් රැගෙන ආ තෝර් (Thor) සිංහයාට දාව කොරියාවෙන් රැගෙන ආ සකීනා (Sakina) සිංහ දෙන විසින් ඊයේ (22) උදෑසන පැටවුන් තිදෙනකු බිහිකර ඇත.

සිංහ පැටවුන් ඉපදුන අවස්ථාවේ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටියද, මව පැටවුනට කිරි දීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පැටවුන් මවගෙන් වෙන්කර සත්වෝද්‍යාන පැටවුන් රැකබලා ගැනීමේ මධ්‍යස්ථානයේ රඳවා සිටින බව සහකාර අධ්‍යක්ෂිකා අනෝමා ප්‍රියදර්ශනී මහත්මිය පැවසුවාය.

2013 වර්ෂයේ කොරියාවේ සෝල් ග්‍රෑන්ඩ් පාර්ක් (Seoul grand park zoo) සත්වෝද්‍යානයෙන් තෝර් (Thor) සිංහ පිරිමි සතා රැගෙන එනු ලැබූ අතර ජර්මනියේ තියර් පාර්ක් හේගන් බෙක් සත්වෝද්‍යානය (Tier park Hagenbeck zoo) සකීනා (sakina) නැමති සිංහ ධේනුව රැගෙන එනු ලැබුවාය.