27042024Sat
Last update:Thu, 18 Apr 2024

ශ්‍රීලනිපයේ වෙනසක් නව සංවිධායකවරු 22ක්

01 slfp 1ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව වෙනසකට මුල පුරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සංවිධායකවරුන් හා දිස්ත්‍රික් සංවිධායකවරු විසිදෙදෙනකු පත් කිරීමට ඊයේ (29) පියවර ගත්තේ ය.

මෙසේ නව සංවිධායකවරු පත්කිරීමත් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රසන්න රණතුංග, දිලුම් අමුණුගම ඇතුළු හිටපු සංවිධායකවරුන් පස්දෙනෙකු ඉවත් කර තිබේ.

මේ අනුව ප්‍රසන්න රණතුංග, දිලුම් අමුණුගම, දුමින්ද සිල්වා, කාන්ති කොඩිකාර, ධනසිරි අමරතුංග ඇතුළු ඉවත් කෙරුණු පස්දෙනා වෙනුවෙන්, රුවන් රණතුංග, මානෙල් බණ්ඩාර, අබේරත්න, ප්‍රසන්න සෝලංගආරච්චි, ඉසුරු දේවප්‍රිය, නීතිඥ කීර්ති උඩවත්ත යන අය පත්කර ඇත්තේ මිනුවන්ගොඩ, උඩුනුවර, කොලොන්නාව, මහරගම,දෙහිවල යන ආසන සඳහාය.

මීට අමතරව බටහිර කොළඹ හෙක්ටර් බෙත්මගේ,අවිස්සාවේල්ල සුමිත් විජේමුණි සොයිසා, මීරිගම සම සංවිධායක ලෙස සංජය සිරිවර්ධන, පානදුර මහින්ද සමරසිංහ, අගලවත්ත රංජිත් සෝමවංශ, කළුතර සුමිත් ලාල් මෙන්ඩිස්, මාතර චන්දිම රාසපුත්‍ර, හේවාහැට එස්. බී. දිසානායක, සෙංකඩගල තිළිණ බණ්ඩාර ‍තෙන්නකෝන්, මහනුවර මහින්ද අබේකෝන්, අකුරණ මොහොමඩ් සම්ෂාම්, සේරුවිල නලීන් ගුණවර්ධන යන අය ආසන සංවිධායකවරු ලෙස පත්කර තිබේ.

තවදුරටත් පක්ෂය ශක්තිමත් කිරීමේ අරමුණින් දිස්ත්‍රික්ක පහක් සඳහා නව දිස්ත්‍රික් සංවිධායකවරු හත්දෙනෙකු පත්කර ඇත.

කොළඹ දිස්ත්‍රික්කය සුජීවා චන්ද්‍රසිරි, ගම්පහ දිස්ත්‍රික්කය අංජු ශ්‍රී ෂාම් පෙරේරා, කළුතර දිස්ත්‍රික්කය අසංක එදිරිවීර, ගාල්ල දිස්ත්‍රික්කය චන්න සාලිය මෙන්ඩිස් හා තිසර ගුණසිංහ, මාතර දිස්ත්‍රික්කය පසඳ යාපා අබේවර්ධන හා නලීන් රණවීර යන අය පත්කර ඇත.

මීට අමතරව ශ්‍රීලනිපයේ අනුබද්ධ සංවිධාන සියල්ල ප්‍රතිසංවිධාන කිරීමට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇත.