01072025Tue
Last update:Wed, 04 Jun 2025

අපේ හමුදාව පොකුරු බෝම්බ භාවිත කළේ නෑ

rajitha senaratneIIපැවැති යුද්ධයේ දී රජයේ හමුදා කිසිවිටෙකත් පොකුරු බෝම්බ (CLUSTER BOMBS) භාවිත නොකළ බව ඉතා වගකීමේන් ප්‍රකාශ කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති, සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න මහතා කියයි. එක්තරා වෙබ් අඩවියක, රජයේ හමුදා යුද්ධයේ දී පොකුරු බෝම්බ භාවිත කළ බවට අසත්‍ය තොරතුරු වාර්තා කර ඇති බවත් එහි වන රූප රාමු වෙනත් රටක ඒ වා වන බවත් ඇමැතිවරයා සඳහන් කරයි.

 මේවා අප රට, රජය අපකීර්තියට පත් කරන්නට කුමන්ත්‍රණකාරීන් සිදු කරන වැඩ. මේවා ශ්‍රී ලංකාවේ කියා ඔවුන් ඔප්පු කරන්නේ කොහොමද ? ජිනීවාහි මානව හිමිකම් කොමිසම අප රට ගැන සුබවාදීව බලන විට එය දරාගන්නට බැරි අය මේ වගේ අසත්‍ය දේ අප රට ගැන පතුරනවා. බෝම්බ නිෂ්ක්‍රිය කිරීමට පැමිණි නිලධාරින් මේ ගැන යම් යම් තොරතුරු අනාවරණය කිරීමක් සිදු කළා නම් එය සදාචාර විරෝධියි. මේ ගැන කවුරු කොහොම කීවත් අපට කියන්න තිබෙන්නේ පොකුරු බෝම්බ (CLUSTER BOMBS) අප හමුදාවන් යුද්ධයේ දී කිසිවිටෙකත් භාවිත නොකළ බව යැයිද ඇමැතිවරයා අවධාරණය කරයි.