28032024Thu
Last update:Mon, 04 Mar 2024

ජනතාවට බදු බර පැටවීමට ඉඩ තබන්නේ නෑ

President 05 adyathmika 01ඇතැම් ආර්ථික විශේෂඥයන් දුප්පත් ජනතාව මත බදු පැනවීමට උත්සාහ ගත්ත ද තමා ඊට කිසිවිටෙකත් ඉඩ නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. වත්මන් ආණ්ඩුව පොදු ජනතාවගේ ආණ්ඩුවක් බව පැහැදිලි කළ ජනාධිපතිවරයා පොදු ජනතාවගේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවන බව ද ජනාධිපතිවරයා අනාවරණය කළේය.

මහජනතාව අහිතකර ආකාරයට බලපාන වැට් බදු සංශෝධනය ක්‍රියාත්මක කිරීමට තමා කිසිවිටක් ඉඩ නොදෙන බව ද පැවසීය. පොදු ජනතාව අසීරුතාවට පත්වන අයුරින් බදු පැනවීමට කිසිම ආර්ථික විශේෂඥයකුට ඉඩ නොදෙන බවත් එසේ බදු පැනවීමට ආර්ථික විශේෂඥයෙක් කටයුතු කරනවා නම් ගෙදර යන්නැයි කියන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

සංශෝධනය කළ වැට් බද්ද මැයි මස 02 දින සිට ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව තීන්දු කර තිබුණි.  ජනාධිපතිවරයා එසේ සඳහන් කළේ පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේ දී ඊයේ (18) පැවැති සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් පුලතිසි ජනතාවට සුබ පැතුම් පිරිනැමීමේ ජාතික උත්සවයට එක්වෙමිනි. ජනතාව බදු බරින් හෙම්බත් වූ යුගය නිමා කර ජනතාවාදී බදු ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීම අපේක්ෂාව බවද රටවැසියන් වෙහෙසෙන අයුරින් බදු ප්‍රතිපත්තිය ඉදිරිපත් කරන ආර්ථික විද්‍යාඥයන්ට සිය කාර්යභාරය නිමා කිරීමට කාලය පැමිණ ඇතැයි ද ජනාධිපතිවරයා කීවේය. මහා සංඝරත්නය, සෙසු ආගමික නායකයන්, උතුරු මැද පළාත් ප්‍රධාන ඇමැති පේෂල ජයරත්න, පාරලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාලක කොළොන්නගේ, සිරිපාල ගමලත්, ජනපති පුත් දහම් සිරිසේන පළාත් දේ‍්ශපාලඥයන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්වී