01092025Mon
Last update:Wed, 04 Jun 2025

යුද හමුදා ස්වේච්ඡා බළ සේනාවේ සැමරුම දා........

15පසුගිය දිනට යෙදී තිබුණු ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බල සේනා‍වේ 135 වැනි සංවත්සරය නිමිත්තෙන් යුද හමුදා බළකා 111ක් එක්ව දීප ව්‍යාප්තව සිදුකරනු ලබන රුක් රෝපණ වැඩසටහනට සමගාමීව දෙවැනි බළකා රයිපල් බළකාය හා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය එක්ව ගම්පළ අටබාගේ මහවැලි රක්ෂිතයේ රුක් රෝපණ වැඩසටහනක් පැවැත්විණි.

මේ සඳහා එක්වූ 111වන බළසේනා මූලස්ථාන බළ සේනාධිපති බ්‍රිගේඩියර් කේ. ඒ. අයි. ජේ. බණ්ඩාර රයිෆල් බළකා අණදෙන නිලධාරි මේජර් ඩබ්ලිව් එම්. කේ. වීරවර්ධන යන මහත්වරු ඇතුළු යුද හමුදා නිලධාරීහු රුක් රෝපණය කළහ.