19102025Sun
Last update:Fri, 10 Oct 2025

මුදල් අමාත්‍යංශයට නව ගොඩනැගිල්ලක්

new b 2 A16ජනාධිපති ලේකම් කාර්යාලයට යාබදව ඉදිකළ මුදල් අමාත්‍යාංශයේ නව ගොඩනැගිලි සංකීර්ණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද උදැසන විවෘත කරනු ලැබීය.

ඊට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍ය රවී කරුණානායක යන මහත්වරු සහභාගී විය.

මහල් පහකින් සමන්විත මෙම ගොඩනැගිලි සංකීර්ණය නවීන පහසුකම්වලින් ද සමන්විත වන අතර ඒ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 1,400ක් වේ.