29032024Fri
Last update:Mon, 04 Mar 2024

අපි ක්‍රියා කරන්නේ පොදු ජනතාව මන්දිරවල ජීවත් කරවන්නයි

ranil 09 11රාජපක්ෂ ආණ්ඩුව මන්දිර ඉදි කළේ තම සුඛවිහරණය සඳහා පමණක් වුවද තම ආණ්ඩුව ක්‍රියා කරනුයේ පොදු ජනතාව මන්දිරවල ජීවත්කර වීමට යැයි ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

අලුත් ආණ්ඩුව නැඟෙනහිර පළාත සංවර්ධනයට අවශ්‍ය අරමුදල් වෙන් කරමින් සිටින බව ද ඒ සඳහා ජාත්‍යන්තරයෙන් පූර්ණ සහාය ලැබෙන බව ද අගමැතිවරයා අනාවරණය කළේය. අගමැතිවරයා එසේ සඳහන් කළේ අම්පාර,පළමුණි ක්‍රීඩා සංකීර්ණයේ දී පෙරේදා (19) දා පෙරවරුවේ පැවැති මුස්ලිම් කොංග්‍රසයේ 19 වැනි ජාතික සම්මේලනයට එක් වෙමිනි.

සංවර්ධන වැඩපිළිවෙළ අතර ත්‍රිකුණාමලය විශාල නගරයක් බවට පත් කිරීමත් නිලාවේලි හෝටල් කාමර පන්දහසකින් සමන්විත සංචාරක පුරවරයක් ලෙස නඟා සිටුවීමත් අයත් බව පැවසු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තොරතුරු තාක්ෂණය එම ප්‍රදේශයට ගෙන ඒමට සැලසුම් සකස් කර තිබෙන බව කීවේය.

ජුනි මාසයේදී ලෝකයේ ප්‍රධාන නායකයන් සත් දෙනා එක්වන ( ජී සෙවන්) ලෝක නායක සමුළුට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්වෙන බව ද එය රටේ සංවර්ධන ගමන පිළිබඳ සුබ පණිවිඩයක් බවද අගමැතිවරයා සඳහන් කළේය.

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න අලුත් ව්‍යවස්ථාවක් ඇති කරනවා. එය සෑම කෙනෙකුටම එක සමානව සැලකිය හැකි ක්‍රමවේදයක්, මේ රටේ මූලික ප්‍රශ්න විසඳා දියුණු ශ්‍රී ලංකාවක් ඇති කිරීමට අපි කරනවා. ඒ වැඩ කටයුත්ත නිමා වෙන තෙක් අපි මේ ආණ්ඩුව ගෙන යනවා. අපිව කාටවත් ඉවත් කරන්න බැහැ. ඔවුන්ට කෑ ගසන්න අලුත් ආණ්ඩුව ප්‍රජාත්නත්‍රවාදය බිහි කර තිබෙනවා යැයිද අගමැතිවරයා කීවේය.