19102025Sun
Last update:Fri, 10 Oct 2025

සුරනිමල සහ සුරංගනී අභාවප්‍රාප්ත වෙති

untitled 1 M16හිටපු අමාත්‍ය සුරනිමල රාජපක්ෂ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන සුරංගනී එල්ලාවල අභාවප්‍රාප්ත වී තිබේ.

අමාත්‍ය සුරනිමල රාජපක්ෂගේ පවුලේ ඥාතීන් පැවසුවේ, පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද උදෑසන ඔහු අභාවප්‍රාප්ත වූ බව ය.

අභාවප්‍රාප්ත වන විට 68 වන වියේ පසු වූ සුරනිමල රාජපක්ෂ දෙදරු පියෙකු වන අතර ඔහු අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ නියෝජිතයා ලෙස කටයුතු කරමින් සිටියේ ය.

මේ අතර මධ්‍යම පළාත් ආණ්ඩුකාර සුරංගනී එල්ලාවල ද අද අලුයම අභාවප්‍රාප්ත වූවා ය.

ආණ්ඩුකාරවරිය අභාවප්‍රාප්ත වූයේ, මහනුවර මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන සුරංගනී එල්ලාවල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්ද එල්ලාවලගේ බිරිඳ මෙන් ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලන්ද එල්ලාවලගේ ආදරණීය මෑනියන් ද වේ.