30042025Wed
Last update:Wed, 23 Apr 2025

ජාතික පුෂ්පයටත් කැබිනට් පත්‍රිකාවක්

Flower 3ශ්‍රී ලංකාවේ මෙතෙක් ජාතික පුෂ්පය ලෙස හැඳින් වූ නිල් මානෙල් මල වෙනුවට මානෙල් මල ජාතික පුෂ්පය ලෙස හඳුන්වාදී තිබේ.

ඒ සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී ඇති බවයි ජාතික ජෛව විවිධත්ව කාර්යාලයේ අධ්‍යක්ෂිකා පද්මා අබේකෝන්  සඳහන් පැවසුවේ.

විශේෂඥ මණ්ඩලයක් මගින් ජාතික පුෂ්පය පිළිබඳව දීර්ඝ ලෙස කරුණු අධ්‍යනයකින් අනතුරුව මානෙල් මල ඒ සඳහා යෝජනා වී තිබේ.

නිල් මානෙල් මලට අදාළ ඡායාරූප සහ සටහන්වල වෙනත් මලක් භාවිත වීම හේතුවෙන් පසුගිය කාලයේ ජාතික පුෂ්පය පිළිබඳ විවිධ සංවාද ඇති වී තිබුණි.

වර්තමානයේ භාවිත වූ නිල් මානෙල් මල විදේශීය පුෂ්පයක් වන අතර, ඒක දේශික පුෂ්පයක් වන සුදු හා ලා නිල් පැහැති පෙතවලින් සමන්විත නිව්ෆියා නවුචලි නම් උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මානෙල් මල ජාතික පුෂ්පය ලෙස නම් කර තිබුණි. මෙම මානෙල් මල වියළි කලාපිය ජලජ පරිසරයන්හි ව්‍යාප්තව පවතින්නකි.

ශ්‍රී ලංකාවට ආවේණික වූ මානෙල් මලෙහි රේණු සංඛ්‍යාව අඩු බව පවසා ඇති අබේකෝන් මේ පිළිබඳව පාසල් සිසුන් හා සමාජය දැනුවත් කිරීම සදහා පුළුල් වැඩසටහන් සකස් කරන බවද පවසා තිබේ.