01072025Tue
Last update:Wed, 04 Jun 2025

“වස විස නැති රටක්” ජනපති අතින් විවෘත කෙරේ

President 01 wasaමෛත්‍රී පාලනයක් - ස්ථාවර රටක් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් සුරක්ෂිත ආහාර හා තිරසාර ගොවිතැන යන සංකල්පය ක්‍රියාවට නංවමින් ක්‍රියාත්මක “වස විස නැති රටක්” වැඩසටහන යටතේ සංවිධානය කෙරුණු කෘෂිකාර්මික, අධ්‍යාපනික හා වෙළෙඳ ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) විවෘත කෙරිණි.

 කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී ආරම්භ කෙරුණු ප්‍රදර්ශනය අද, හෙට පෙ. ව. 10,00 සිට රාත්‍රී 09.00 දක්වා මහජනතාවට විවෘතය. ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිතුමා ප්‍රදර්ශනය නැරඹීමට ද එක් විය. අතුරලියේ රතන ස්වාමින් වහන්සේ ද, අමාත්‍යවරුන් වන එස්. බී. දිසානායක, දුමින්ද දිසානායක, ජනාධිපති ලේකම් පී. බී. අබේකෝන් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. ඡායාරූපය-ජනාධිපති මාධ්‍ය ඒකකය