11052024Sat
Last update:Wed, 08 May 2024

මහවැලි රක්ෂිත ඉඩම් මුදා හැරේ

mhvaeli rkssit iddm vn stun venuven mudaa haeriimee saelsumkපසුගිය කාලය තුළ පෞද්ගලික සමාගම් සදහා බෙදාදී තිබු මහවැලි රක්ෂිත ඉඩම් නැවත පවරා වන සතුන්ට ලබා දිය යුතු බව අමාත්‍ය වසන්ත සේනානායක මහතා සදහන් කළේය.

රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පොලොන්නරුව දිබුලාගල ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී ඊයේ (24) දා  අවස්ථවේ ඇමතිවරයා  මේ බව පවසා සිටියේය.

එසේ බෙදා දුන් සමහර ඉඩම් වල කිසිදු වගාවක් දක්නට නොලැබෙන බවත් නිදිකුම්බා පමණක් පැල වී ඇති බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා එම ඉඩම් නැවත රජයට පවරා ගෙන වන ජිවීන්ට මුදා හැරීමට කටයුතු කිරීම වැදගත් බවද පැවසීය.

මේ අනුව දිබුලාගල ප්‍රදේශයේ පවතින වන අලි ගැටුමට පිළිතුරක් වශයෙන් වන අලි ගම් වැදීම යම් තාක් දුරට අවම කර ගැනීමට හැකි වනු ඇතයි අමත්‍යවරයා අවධරණය කළේය. 

මෙම අවස්ථාවට පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයින් ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක් එක්ව සිටියහ.