19102025Sun
Last update:Fri, 10 Oct 2025

කැලණි පෙරහර අද ඇරැඹෙයි

kelaniya1ඓතිහාසික කැලණිය දුරුතු මහා පෙරහර අද (20) දින ආරම්භවී අනිද්දා (21) දක්වා පැවැත්වේ. කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන් විසින් ධාතු කරඬුව ප්‍රධාන බස්නායක නිලමේ ධම්මික ආටිගල මහතාට භාරදීමෙන් පසුව ඇරඹෙන මෙම පෙරහර උත්සවය 22 වැනි දින රන්දෝලි පෙරහර පැවැත්වීමෙන් පසුව අවසන් වේ.

කැලණිය රජමහා විහාරය ප්‍රතිසංස්කරණයට මූලිකවූ හෙලේනා විජේවර්ධන ළමාතැනීගේ පුත්‍රයා වූ මහා දානපති දොන් වෝල්ටර් විජේවර්ධන මහතා විසින් 1927 වසරේදී අරඹන ලද මෙම පෙරහර එතැන් සිට නිතිපතා පවත්වනු ලැබිණ. දායක සභාවේ සභාපති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවීම අනුව විහාරස්ථ දායක සභාව විසින් මෙම පෙරහර සංවිධානය කර ඇත.