01052025Thu
Last update:Wed, 23 Apr 2025

පකිස්ථාන අගමැති දළදා මාලිගාවට

nawaz maligawaශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක නිරතව සිටින පකිස්ථාන අග්‍රාමාත්‍ය නවාෂ් ෂරීෆ් මහතා අද පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සිමිඳුන් වැඩසිටින කුටියට ගොස් පුෂ්පෝපහාර දැක්වීය.

මහනුවරට පැමිණි පකිස්ථාන අගමැතිවරයාව ශ්‍රී දළදා මාලිගාවේ පත්තිරිප්පුව ආසන්නයේදී අමාත්‍ය එම්.එච්.ඒ හලීම්,මධ්‍යම පළාත් ප්‍රධාන ඇමති සරත් ඒකනායක යන මහත්වරු ඇතුළු පිරිසක් පිළීගෙන රතු පළසක් මතින් දළදා මැදුරේ ප්‍රධාන වාහල්කඩ අභියසට කැඳවාගෙන යනු ලැබීය.එම ස්ථානයේදී දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සම්ප්‍රදායික උඩරට නිළමේ ඇඳුමින් සැරසී නවාස් ෂෙරීෆ් මහතාව පිළීගෙන දළදා සමිඳුන් වැඩසිටින කුටිය වෙත කැඳවාගෙන යන ලදි.

එහිදී දළදා සමිඳුන් උදෙසා පුෂ්පෝපහාර දැක්වූ අගමැතිවරයා අනතුරුව ශ්‍රී දළදා මාලිගායේ ජත්‍යන්තර කෞතුකාගාරයේ පකිස්ථානු කුටිය නැරඹීමටද ගියේය.

පකිස්ථානයේ හිටපු අගමැති මොහොමඩ් අලි ජින්නා මහතා සිහිවීම පිණිස එම රජයේ ආධාර මත මහනුවර ඩී.එස් සේනානායක වීදීයේ ඉදිකැර තිබෙන ජින්නා අනුස්මරණ ශාලාව නැරඹීමට ගිය ෂෙරීෆ් මහතා අනතුරුව පේරාදෙණිය උද්භිද උද්‍යානයට ගොස් එහි ඒ මහතාගේ ශ්‍රී ලංකා සංචාරය සිහිවීම පිණිස කරඳ පැළයක් රෝපණය කරනු ලැබීය.

පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා අද පස්වරුවේ  දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

අසේල කුරුළුවංශ හා ඉන්දික පොල්කොටුව

ඡායාරූප-ගාමීණී රණසිංහ