03052025Sat
Last update:Wed, 23 Apr 2025

ජනාධිපතිතුමාගේ උපදෙසින් මාදුළුවාවේ සෝභිත හිමි වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පූරු රෝහලකට

Presidential Media Unit Common Banner 1අසනීප තත්ත්වයෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි වැඩිදුර ප්‍රතිකාර කටයුතු සඳහා සිංගප්පූරු රෝහලක් වෙත වැඩම කරවාගෙන ගොස් තිබේ.

 තායිලන්ත නිල සංචාරයේ නිරත වෙමින් සිටින අතරතුර වුවද උන්වහන්සේගේ අසනීප තත්වය සහ ප්‍රතිකාර කටයුතු පිළිබඳ පෞද්ගලිකවම සොයා බැලු ජනාධිපතිතුමා උන්වහන්සේ මෙලෙස වැඩිදුර ප්‍රතිකාර කටයුතු සඳහා සිංගප්පූරු රෝහලක් වෙත යොමු කර ඇති අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමගද සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම ප්‍රතිකාර කටයුතු සඳහා වැය වන සියලූ මුදල් රජයෙන් දැරීමටද උපදෙස් ලබා දී තිබේ.