08092025Mon
Last update:Wed, 04 Jun 2025

ලංකාවේ ආයෝජන සදහා එක්වන්න - අගමැති

rnil vikrmsinhශ්‍රී ලංකාවේ ආයෝජන සදහා එක්වී සහයෝගය ලබා දෙන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රම සිංහ ජපාන පාර්ලිමේන්තුවෙන් ඉල්ලා තිබේ.

ඒ සදහා හොදම සාධකයක් ලෙස ශ්‍රී ලංකාව පිවිස ඇති නව මාවත පෙන්වා දිය හැකි බව ද අග්‍රාමාත්‍යවරයා සදහන් කළේය.

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා අද දිනයේත් ද්විපාර්ශ්වීය සාකච්ඡා සඳහා කිහිපයක් සඳහා සහභාගී වීමට නියමිත ය.

අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් පසු ජපාන පාර්ලිමේන්තුව අමතන විදේශීය නායකයා වන්නේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ජපාන සංචාරයේ තෙවන දිනය අදයි.