02052025Fri
Last update:Wed, 23 Apr 2025

මැතිවරණයට පොලිස් ආරක්‍ෂාව

images d copyමෙවර මහ මැතිවරණය වෙනුවෙන් පොලිස් නිලධාරීන් 24, 798 දෙනකු ඇතුලු පොලිස් නිලධාරීන් 70,549 ක් සේවයේ යෙදවීමට නියමිත බව පොලිස් මූලස්ථානය පවසයි.

මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ 16 හා 17 දෙදින දිවයින පුරා ඡන්ද පොළවල් 12,399ක් සඳහා ඔවුන් යෙදවීමට නියමිත බවයි.

මීට අමතරව ජංගම මුර සේවාවන් 2885ක්ද සිවිල් ආරක්ෂක සෙබළුන් 5470 ක් සහ කැරලි මර්දන ඒකක 61 ක් ද රට පුරා යොදවා ඇත.

ඒ වෙනුවෙන් මාර්ග බාධක 308 ක් රට පුරා ස්ථාපනය කර ඇති අතර නිලධාරීන් 2156 දෙනකු ඒවායේ සේවයට යොදවා ඇති බව ද සදහන්. 

ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 49 සඳහා නිලධාරීන් 67 දෙනකු යොදවා ඇතැයි පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.