02072025Wed
Last update:Wed, 04 Jun 2025

සරසවි සිසුන් ලියාපදිංචියෙහි වෙනසක්

University Grants Commission Sri Lankaමෙවර විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමේදි සිසුන් ලියාපදිංචි කිරීම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් සිදුකිරීමට තීරණය කර තිබේ.

 සිසුන් ලියාපදිංචිය වරින් වර සිදුකිරීම හේතුවෙන් ඇතැම් පාඨමලා හැදෑරීමේ අවස්ථා අහිමි වීමෙන් ළමුන්ට අසාධාරණයක් සිදුව ඇති බව එම කොමිසමේ අදහසයි.

සිසුන්ගෙන් සහ දෙමාපියන්ගෙන් ලද පැමිණිලි සලකා බලා එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා මෙම පියවර ගන්නා බව ද සදහන්.

සිසුන් ලියාපදිංචි කිරීම් සඳහා යම් කාල සීමාවක් ලබාදී එම කාල සීමාව තුළ කටයුතු සිදු කෙරෙනු ඇති අතර පසුව ලියාපදිංචි වූ සිසුන්ගේ නාම ලේඛන අදාළ විශ්වවිද්‍යාලවලට ලබා දීමට කටයුතු කරනු ඇති.