01072025Tue
Last update:Wed, 04 Jun 2025

අච්චාරුවක් වී ඇත්තේ ආණ්ඩුව නොව සරත් සිල්වාගේ මොළයයි

rajithasarathඅච්චාරුවක් වී ඇත්තේ ආණ්ඩුව නොව හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාගේ මොළය බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. පසුගිය දා කොළඹ දී පැවැති සම්මන්ත්‍රණයක දී සරත් නන්ද සිල්වා මහතා කළ විශේෂ දේශනයක දී වත්මන් ආණ්ඩුව අච්චාරුවක් යැයි පළ කළ අදහස් පිළිබඳව ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.

ඔහු ගේ වයස සම්බන්ධයෙන් කල්පනා කිරීමේදී මෙවැනි ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් තමා පුදුමයට පත් නොවන බවද කී ඇමැතිවරයා ඔහු ලබා දී තිබෙන නඩු තීන්දු පිළිබඳව දෙවරක් සිතා බැලිය යුතු බවත් කීය.

වරක් ඔහු හෙල්පින් හම්බන්තොට සිද්ධිය වැරැදි බව පවසා තවත් වරෙක එය නිවැරැදි බව පවසන බවත් මේ සම්බන්ධයෛන් කල්පනා කර බලන විට ඔහු ගේ ප්‍රකාශ ද අච්චාරුවක ස්වරූපයක් ගන්නා බවඇමැතිවරයා පැවැසීය.