01072025Tue
Last update:Wed, 04 Jun 2025

ඉංජිනේරුවරයා මුදා ගැනීමේ සාකච්ඡා සාර්ථක මට්ටමේ

releaseනයිජීරියාවේ දී කොල්ලකරුවන් පිරිසකගේ ග්‍රහණයට හසු වූ ශ්‍රී ලාංකික සිවිල් ඉංජිනේරුවරයා මුදාගැනීමේ සාකච්ඡා සාර්ථක මට්ටමට ළඟා වී ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

වසර 23කට වැඩි කාලයක් නයිජීරියාවේ පිහිටි ඉතාලි ඉදිකිරීම් සමාගමක සේවය කරන ඩී.ඒ. කරුණාදාස මහතා කොල්ලකරුවන් පිරිසක් විසින් පැහැර‍ගෙන ‍ගොස් ති‍බෙන අතර ඔහුව නිදහස් කිරීම සඳහා රුපියල් ‍කෝටි 50ක මුදලක් ඉල්ලා ඇති බව වාර්තා ‍වෙයි.

නයිජීරියාවේ කොගි සහ ඔන්ඩු පළාත් සීමාවේ දී 18 වන දා ‍‍මේ ශ්‍රී ලාංකිකයා පැහැර ගැනීමට ලක්ව ති‍බෙන අතර නයිජීරියානු කප්පම් කල්ලියක් විසින් පැහැරගෙන ගොස් ඇති ශ්‍රී ලාංකික ඉංජිනේරු ජේ.ඒ. කරුණාදාස මහතා බේරා ගැනීම සඳහා තමා ඇතුළු කාර්යමණ්ඩලය උපරිම උත්සාහයක් ගනිමින් සිටින බව නයිජීරියාවේ ශ්‍රී ලංකා තානාපති ඒ. එල්. රත්නපාල මහතා පවසයි.

‍‍මේ ශ්‍රී ලාංකිකයා ‍සේවය කළ සමාගම ද ඔහුව නිදහස් කර ගැනීම ‍වෙනු‍වෙන් උපරිම උත්සාහයක් ගන්නා බව පවසන තානාපතිවරයා ලාංකිකයෙක් නයිජීරියාවේ දී පැහැරගනු ලැබූ පළමු අවස්ථාව ‍මෙය බවද මීට ආසියානු රටවල අය පැහැරගෙන ගොස් තිබෙන බව ද කියා සිටී.