16102025Thu
Last update:Fri, 10 Oct 2025

‘ලක් සෙබළු නේපාලෙදි කතකට පණ දෙති‘

220භූ කම්පනය හේතුවෙන් විපතට පත්ව සිටින දස දහස් ගණන් වූ නේපාල ජනතාවට සහන සැලසීමට ගොස් සිටින ශ්‍රී ලංකා යුද හමුදා සහන කණ්ඩායමට අයත් වෛද්‍යවරු නේපාලයේ කත්මන්ඩු නගරයට කිලෝමීටර් 60 දුරින් පිහිටි දොලාල්ගාද්හි වෛද්‍ය කඳවුරක් ආරම්භ කළහ. 

200 ට ආසන්න හමුදා කණ්ඩායමක් නේපාලයට ගොස් සිටිති. ඔවුන් අතර ඉංජිනේරු, වෛද්‍ය සේවා, කොමන්ඩෝ සෙබළුන් හා නිළ සුනඛයෝද වෙති.

කත්මන්ඩු සිට කිලෝමීටර් 12ක දුෂ්කර ගමනක් පා ගමනින් ගොස් දින කිහිපයක් පුරා සුන්බුන් අතර සිරවී සිටි කාන්තාවක් බේරාගෙන කත්මන්ඩු රෝහල වෙත ඇතුළත් කිරීමේ සිද්ධියක් විශේෂ සිදුවීමක් වන බවද හමුදාව කියයි.

157