01072025Tue
Last update:Wed, 04 Jun 2025

ප්‍රවීණ රංග ශිල්පී දයා අල්විස් හදිසි අනතුරින් අභාවප්‍රාප්ත වේ

daya1පසුගියදා හදිසි අනතුරකට ලක්ව ශ්‍රි ජයවර්ධනපුර ශික්ෂණ රෝහලේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ රංගන ශිල්පී දයා අල්විස් මහතා අද උදෑසන අභාවප්‍රාප්ත විය.

මියයන විට ඔහු 72 වන වියේ පසුවිය.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග ඒතතයේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු සිදු කරන ලද සී.ටී. ස්කෑන්වලදී ඔහුගේ මොළයෙන් විශාල ප්‍රමාණයේ ලේ ගැලීම් සහිතව අසාධ්‍ය තත්වයට පත්ව සිටින බව වාර්තා වූ අතර අවාසනාවන්ත ලෙස අද අලූයම 3.50ට පමණ ඔහු අභාවප්‍රාප්ත විය.

අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.