16102025Thu
Last update:Fri, 10 Oct 2025

ප්‍රවීණ මාධ්‍යවේදි ඩී.එෆ්.කාරියකරවන මහතා අභාවප්‍රාප්තවෙයි

ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වූ ඩී.එෆ්.කාරියකරවන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කලක් තිස්සේ රෝගාතුරව සිටි ඒ මහතා අද උදෑසන  මියගිය බව  පවුලේ ඥාතීන් සඳහන් කළේය.

වර්ෂ 1922 දී උපත ලද ඒ මහතා මියයන විට   93 වන වියෙහි පසුවුණි.

සිළුමිණ සහ ජනතා පුවත්පත්වල කතුවරයෙකු ලෙස කටයුතු කළ කාරියකරවන මහතා එම ධුරය දරණ සමයේ තම අත්අකුරෙන්ම ලියු කතුවැකි පුවත්පතේ පළ කිරිම නිසා කාගේත් අවධානය දිනාගත්තේය.
 
ඒ මහතා සිය අත්දැකිම් ඇසුරෙන් කෘතින් කිහිපයක්ම රචනා කර තිබේ.