01072025Tue
Last update:Wed, 04 Jun 2025

කමිටු වාර්තාව ඉදිරි සතියේ දී

WICKREMESINGHEභාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේදී යම් අක්‍රමිකතාවක් සිදුවී ඇද්දැයි කරුණු විසීම සඳහා පත්කළ කමිටුවේ වාර්තාව ඉදිරි සතියේදී ඉදිරිපත් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (7) පාර්ලිමේන්තුවේ දී කීය. එම වාර්තාව තමාට අද හෙට ලැබෙනු ඇති බවට අගමැතිවරයා විශ්වාසය පළ කළේය.

පත්කළ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සිය කතාව කියාගෙන යන අවස්ථාවේදී මෙම වාර්තාව ගැන මතු කළේය. මහා බැංකුවේ ප්‍රශ්නය පිළිබඳව සති දෙකෙන් වාර්තාව ලබාදෙන බව කීවත් එය තවම ඉදිරිපත් නොකළ බව දිසානායක මහතා ප්‍රකාශ කළ විට නැඟී සිටි අගමැති වික්‍රමසිංහ මහතා තමාට ලැබුණු විගස වාර්තාව ඉදිරිපත් කරන බව කීය.

මේ ප්‍රශ්නය පිළිබඳව මූලික අයිතිවාසිකම් පිළිබඳ නඩුවක් ද පවරා ඇති බව කී වික්‍රමසිංහ මහතා එය ඉක්මනින් විසඳන ලෙසට ඉල්ලීමක් ද කර ඇති බව කීය.