30042025Wed
Last update:Wed, 23 Apr 2025

ජී.එස්.පී. ශ්‍රී ලංකාවට ගන්න වසරක් යනවා ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා

ජී.එස්.පී. ප්ලස් ශ්‍රී ලංකාවට ලබාගැනීමට තවත් වසරක් පමණ යන බවත් අවුරුද්දකට කලින් එය ලබා ගන්න බැරි තත්ත්වයක් ඇතැයි ප්‍රතිපත්ති සම්පාදක සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ජී.එස්.පී. ප්ලස් හේතු කොට ගෙන රැකියා අවස්ථා ඇති කර ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව ලැබෙන බව සඳහන් කළ නියෝජ්‍ය ඇමැතිවරයා පසුගිය රජය පෙන්වා දුන් පරිදි ආර්ථික සංවර්ධන වේගයක් තිබුණේ නැතැයි සඳහන් කළේය. පසුගිය රජය පෙන්වා දුන් සියයට 8ක ආර්ථික වර්ධනය සම්පූර්ණයෙන්ම පිම්බීමක් බව පැහැදිලි කළ නියෝජ්‍ය ඇමැතිවරයා සියයට 6 වර්ධන වේගයක් විය හැකි යැයි ද පැවැසීය.

ආණ්ඩුවේ මුදල් තත්ත්වය සම්බන්ධයෙන් සලකා බැලීමේදී පසුගිය රජය සමයේ කිසිදු ආදායමක් ලැබී නැති බවත් සමහර අමාත්‍යවරුන් සියයට 10ක මුදල් ලබාදී සියයට 40ක වැඩ කිරීමට උපදෙස් ලබාදීම හේතු කොට වර්තමාන රජය අපහසුතාවයට ලක්වී ඇති බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා පසුගිය දින කීපය තුළ ඒ සම්බන්ධයෙන් පුරෝකථනයක් කළ බවද සඳහන් කළේය.