16102025Thu
Last update:Fri, 10 Oct 2025

උතුරේ ඉඩම් යළි මුල් හිමිකරුවන්ට

Wickremesinghe1උතුරු ප්‍රදේශයේ අධි ආරක්‍ෂිත කලාප ලෙස යුද හමුදාව යටතේ තිබූ ඉඩම් අක්‌කර දහසක ප්‍රමාණයක්‌ නැවත එහි මුල් පදිංචිකරුවන්ට ලබා දීමේ වැඩපිළිවෙළේ මුල් පියවර ලෙස ඉඩම් අක්‌කර 425 ක්‌ නිදහස්‌ කිරීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පෙරවරුවේ යාපනයේදී සිදු කෙරිණි. ජනාධිපතිවරයා මෙහිදී සංකේතාත්මකව ඉඩම් හිමිකම් බලපත්‍ර ප්‍රදානය කරන අයුරු ඡායාරූපයේ දැක්‌වේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපතිනි චJද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග, අමාත්‍යවරුන් වන එම්. කේ. ඩී. එස්‌. ගුණවර්ධන, පී. එම්. ස්‌වාමිනාදන්, නියෝජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්, උතුරු පළාත් ආණ්‌ඩුකාර, එච්. එම්. ජී. එස්‌. පලිහක්‌කාර, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් යන මහත්වරුන් ඇතුළු පිරිසක්‌ මෙම අවස්‌ථාවට එක්‌ව සිටියහ.

- සුදත් සිල්වා