30042025Wed
Last update:Wed, 23 Apr 2025

එජාපයෙන් නාම යෝජනා ඉල්ලා අයැදුම්පත් 16000ක් ලැබිලා

 laksman kiri 22මෙවර මහ මැතිවරණයේදී එජාපයෙන් නාම යෝජනා ඉල්ලා අයදුම්පත් 16000ක් පමණ ලැබී තිබෙන බව වැවිලි කර්මාන්ත ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

මේ අතර බුද්ධිමතුන් වෘත්තිකයින් ඇතුළු රට පිළිගත් විශාල පිරිසක් සිටින බවද ඒ මහතා කීය.

එක්සත් ජාතික පක්ෂය දිගින් දිගටම පරාජයන් ලබන විට නාම යෝජනා ලබාදීමටවත් කෙනකු සොයා ගැනීමට නොහැකි දුෂ්කර අඩියකට පක්ෂය ඇදවැටී තිබුණු බවත් අද වන විට විශාල ජන රැල්ලක් එජාපය වටා පවතින බවත් පැවසූ කිරිඇල්ල මහතා ඉදිරි මහ මැතිවරණයේදී එජාපය ලබන නියත ජය මෙමඟින් පැහැදිලි වන බවද අවධාරණය කළේය.

දූෂණ, වංචා චෝදනා ඇති කිසිවකුටත් එජාපයෙන් නාම යෝජනා ලබා නොදෙන බවද හෙතෙම කීය.