20102025Mon
Last update:Fri, 10 Oct 2025

පිළිම 03ක් ගුවන් තොටේ හිරවේ

pillimනීති විරෝධී අයුරින් ශ්‍රී ලංකවෙන් චීනයට රැගෙන යාමට උත්සාහ කළ මිල කළ නොහැකි පැරණි පිළිම තුනක් සමග චීන ජාතිකයින් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ රේගුව විසින් අද අලුයම අත්අඩංගුව ගෙන තිබේ.

ගණදෙවි පිළිමයක් හා තවත් දේව පිළිම දෙකක් මෙසේ ඔවුහු චීනයට රැගෙන යාමට උත්සාය කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

වයස අවුරුදු 40ක් වන චීන ජාතික කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හා ගුවන්තොටුපොළ රේගුව මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.