තුර්කි විදෙස් ඇමැති ජනපති - අගමැති හමුවෙයි

n 2 16ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර ද්වීපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි තුර්කි විදේශ ඇමැති මෙවුලට් කවුසෝග්ලූ (Mevlut Cavusoglu) මහතා ඊයේ (15) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ අතර අරලියගහ මන්දීරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා පැවැත්වූ අයුරු.

තුර්කි - ශ්‍රී ලංකා සහයෝගීතාව ඉහළ නංවා ගැනීම පිළිබඳ එහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වූ අතර ශ්‍රී ලංකාවේ දැනට පවතින තුර්කි ආයෝජන තවදුරටත් ප්‍රවර්ධනය කිරීම පිළිබඳව ද අවධානය යොමු විය.

ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති Tunca Ozuhadav මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය. ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය සහ මහින්ද විතානච්චි