සමාජවාදී රටක් නිර්මාණයට පෙරමුණ ගන්නවා

tilvin silvaපවුල් පාලනය හා හවුල් පාලනයෙන් අසාර්ථක රටක් නිර්මාණය වෙමින් පවතින බව ද එදා ධනවාදයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ නිර්මාණය වුණා සේම සමාජවාදී රටක් නිර්මාණය කිරීමට ද තමන් පෙරමුණ ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේය.

රාජපක්ෂ රෙජිමය රුපියල් බිලියන 1000ක ණය ගත්තා කියමින් ඒ සඳහා තිත්ත බෙහෙත් ලබාදෙන බවට වත්මන් ආණ්ඩුව ප්‍රකාශ කළත් ලබාදෙන්නේ වස බව ද සිල්වා මහතා කීවේය.

එම නිසා නිල් ආණ්ඩුවෙන් කොළ ආණ්ඩුවට බෙහෙත් ලබාදෙන බවට වත්මන් ආණ්ඩුව ප්‍රකාශ කළත් ලබාදෙන්නේ වස බව ද සිල්වා මහතා කීවේය.

එම නිසා නිල් ආණ්ඩුවෙන් කොළ ආණ්ඩුවට කොළ ආණ්ඩුවට නිල් ආණ්ඩුවට ගෙන යන අසාර්ථක ධනවාදී ක්‍රමය දැන්වත් නවතා දැමීමටත් නියම සමාජවාදී රාජ්‍යයක් ගොඩනැ‍ඟීමට ජවිපෙ වටා එක්විය යුතු බවත් ලේකම්වරයා පැවසීය.

පානදුර නගර ශාලාවේ දී ඊයේ (05) පැවති ජනතා විමුක්ති පෙරමුණේ අප්‍රේල් විරුසමරුවට එක්වෙමින් එසේ කී ප්‍රධාන ලේකම්වරයා අප්‍රේල් විරුවන් පැතූ නවීන සමාජවාදී ලෝකය නිර්මාණය කිරීමට කැප‍වන බව ද කීය.

71 විරුවන්ගේ කැපවීම නිසා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් වෙන්වීමට ශ්‍රී ලංකා අණාඩුවට හැකි වූ බවත් ඉදිරියේ දී රට අධිරාජ්‍යවාදීන්ගෙන් මුදා ගැනීමට ප්‍රතිපත්ති තිබෙන එකම පක්ෂය ජවිපෙ බව ද හෙ‍තෙම කීවේය.

වසර හැට අටක් පවතින අසාර්ථක ධනවාදයට විරුද්ධව සමාජවාදී සමාජයක් ගොඩනැ‍ඟීමට අප්‍රේල් විරුසමරුවේ දී අදිටන් කරගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ‍ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.