රටේ අනාගත වගකීම තාරුණ්‍ය සමඟයි

President 01 rateරටේ අනාගත පිළිබඳ වගකීම තාරුණ්‍ය සමඟ අත්වැල් බැඳ පවතින බවත් බෙදා හඳා ගත යුතුදේද, ළං කර ගත යුතුදේද,ඈත් කළ යුතු දේද යෞවන වියේදී තීන්දු කර ගත යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

ඔබේ පෞර්ෂ්‍ය වර්ධනය යනු ජාතියේ පෞර්ෂ්‍ය වර්ධනයයි. ඔබේ දැනුමේ බුද්ධියේ වර්ධර්ධන ජාතියේ අනාගතයයි. ඒ විශිෂ්ටත්වය ශ්‍රේෂ්ඨත්වය අපි එක්ව භුක්ති විදිමු යැයිද ජනාධිපතිවරයා කිවේය.

ජනාධිපතිවරයා එසේ සඳහන් කළේ සීගිරියේදී පෙරේදා(02) සමාප්තවූ යොවුන් පුරය 2016 ජාතික වැඩසටහනට එක්වෙමිනි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ඇරඹි මේ වැඩසටහන සිව් දිනක් පුරා සීගිරියේදී පැවැතිණි. රටේ සියලු පළාත් නියෝජනය කරමින් තරණ තරුණියන් පන්දහසක් එකට රොඳ බැද සිටි මේ දැවැන්ත වැඩ සටහන සැනකෙළියක ස්වරූපයක් ඉසිළිය.

තරුණ තරුණියන්ගේ ක්‍රීඩා, කලා, කුසලතා ඔප නැංවෙන අයුරින් එය සංවිධානය කර තිබුණි. සමාප්ති උළෙලට එක්වීමට පෙරාතුව ජනාධිපතිවරයා සහ අගමැතිවයා උත්සව භූමියේ තිබූ ප්‍රදර්ශවන කුටි වලට යමින් තරුණ තරුණියන් සමඟ සුහද කතා බහකට එක් වූහ.

මහත් විචිත්‍රවත් අයුරින් අලංකාර ලෙස ඉදිරකර තිබූ දැවැන්ත වේදිකාවේ ඩිජිටල් දර්ශන කාගේත් නෙත් සිත් මොහොතක ඇඳ බැඳ තැබිමට සමත් විය. මෙය අනාගතය ඇරඹුණා යන තේමා පාඨය යටතේ පැවැතිණි. ජාතියක් ගොඩනැඟීමේ කාර්යයේදී දරුවන් වෙනුවෙන් නව ලෝකය විවෘත කළ යුතු බවද එය රජයක වගකීම සහ යුතුකම බවද ජනාධිපතිවරයා කීවේය.

මහගමසේකරයන් හතළිස් වසරක පෙරාතුව “මුළු ලෝකයම එකම යායක්“ යන ප්‍රකාශය කළ බවත් වර්තමානයේ නව තාක්ෂණය අන්තර් ජාලය සමඟින් මුළු ලෝකයම එකම යායක් බවට පත්ව ඇති බවත් ජානාධිපතිවරයා කිවේය.

තරුණයන්ගේ සිහින සැබෑ කර ගත යුත්තේ තරුණයන් විසින්ම බව කී ජනාධිපතිවරයා තරුණයන්ගේ ජීවිතය ගොඩනැගීම අවශ්‍ය අමුද්‍රව්‍ය, පරිසර ලබා දීමට රජය සූදානම් බව අනාවරණය කළේය.

අධි තාක්ෂණය වැළඳ ගනිමින් ආදරය කළඳ එහි වහලෙක් විය යුතු නැතැයි කී ජනාධිපතිවරයා තාක්ෂණය හැසිර විය යුත්තේ තරුණයන් මිස තාක්ෂණයට තරුණයන් හැසිරවීමට ඉඩ දිය යුතු නැතැයි පැවසීය.

නාගරික, පිටිසර, උගත්, බුද්ධිමත්, ආදී විවිධ අර්ථ කථන දෙමින් තරුණ පරපුරු හැදින්වුවද තාක්ෂණික අභිමුව තරුණයන් එකම තළයක සිටින බවද ජනාධිපතිවරයා අනාවරණය කළේය.

යහපාලනය සහ සංහිදියාවට ඇතැමෙක් නොයෙක් අපහාස කරන බවත් ඇතැමෙක් විහිළුවට ගෙන ඇති බවත් කී ජනාධිපතිවරයා එහෙත් රටේ අනාගත රඳා පවතින්නේ යහපාලනය සහ සංහිඳියාව යථාර්ථවාදී වූ නිසා යැයිද අනාවරණය කළේය.

යොවුන් පුරය සංහිඳියාවේ පුරවරයක් ලෙස හැඳින්විය හැකි බවත් යහපත් රටක් ගොඩනැඟිමට සංහිඳියාව යහපාලනය ශ්‍රේෂ්ඨත්වය වැළඳ ගත යුතු බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් කීය.

නීතිය සාමය සහ දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක, ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා, ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගගේ,යොවුන් පුර පුරපති රධික ජයලත් යන මහත්වරු මැති ඇමැතිවරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වී සිටියහ.